Wednesday, September 16, 2020

එන්න....


විදුලි මිණි බරින් දැල්වෙන

පහන් කණුව නිවා දමා

බිල්පත් නැති

පුන්සඳ යටට එන්න


ආනන්ද සර්පයා දුටුවා ද

 

පාර වැරදුන මානව විලාපය

මීටරයේ දුරින් සිට

හඬා වැටෙන හඳවත්


නොපෙන දෙවියන් ලඟ

පිහිටක් සරණක් සොයන

තරු පන්ති ජිවිත හීන

මිසදිටු මාවත  අතහැර

සඳ හිරු තරු පිරි ආදරය

යටට එන්න

    සොබාදහම ඔබට අඬගසයි

No comments:

Post a Comment