Thursday, September 10, 2020

ගඟ දෑල සෙවන කළ


ප්‍රේමයේ රුක් ගොමුව

ඉවුරු වත බදා වැලඳ

තුරු අතැගිලි රටා සෙවනැලි 

දිය මුව මතට වැටි පිරිමැද 

සිපගත්ත රැකගත්ත 

සොදුරු ආදර කතාවකි

අතවනා වලාකුලකට 

එකතු කර වැහි දියකැට 

පිරුණු පවුලක නැවුම් ප්‍රේමය

ගඟ දිය සළුව පොරවා

අද්දර සිට තුරුලු වුන

සිටිපියවර විසල් ගස

නුඹ පෙම්බැදි ගඟ දිය කොමලිය 

සුරැකි පතිවත සාර සොබා ගුණ

රාජ සභා මැද වුනා සළු පට

මිලට ගෙන සුනිල් වන් දිවර

අද්දර සොදුරු ජිවන පුවත

කටුගා පැන් පහරින් 

කිසිදා ⁣හමුනොවන විලසින්

විසල් කොන්ක්‍රීට් ඉවුරු අතුරා

ගඟ බිමෙන් වෙන් කොට

උදුරා මුල් රැස සුරැකි ප්‍රේමය 

හුදකලා කොට ගස සහ ගඟ

මිරිකා ජිවිත උරා ගෙන

පටු පවුරු ඉවුරු අභියස 

මල් මිටින් ගඟ හැඬකල

පරව මියැදෙන සාපය

දිනෙක ගිණි ලනු ඇත



No comments:

Post a Comment