Wednesday, September 16, 2020

ආදරේ බස් වහර



නිදි නැති රෑ කළුවරේ 

හඩා ⁣වැටෙ හිතක

ප්‍රේමණීය කඳුළු කැට

අහුලන්න ඉඩ දෙන්න

තරු කැට එපා මට

කදුළු කැට තරම් එලිය නැති

හඳ රිදෙන සියුම් තැන

ආදරේ එළියට එන

සඳකඳුල පායන්න ඉඩ දෙන්න

 

ඉකිබිදුම් රිදි සිනුව

වැයේ දෙතොල් පෙති

සුසුම් ගුලිවලට ඉඩ දී

සෙනෙහසේ මහ උස

මහිම ලියවෙන

කදුළු කැටපත් පවුර

නුඹට ඇති ආදරේ තරම

කවි කරමි කඳුල කඳුලම නොවන

No comments:

Post a Comment