Wednesday, September 16, 2020

එන්න....


විදුලි මිණි බරින් දැල්වෙන

පහන් කණුව නිවා දමා

බිල්පත් නැති

පුන්සඳ යටට එන්න

වෙහෙසකර සිත, නිවන පැන්තොට


 



තාරකා නෙතු කතාව 

ආදරේ මිහිරි සතුට උදාවේ

දෙඩුම් කිසිවක් නොම කතාවේ

සිරුරු පමණක් එක ලතාවේ

තරහ නොවන තරහ


ආදරය

එපා කිවට එපා නොවන 

ආදරය

මතක අමතක නොවන සිතේ ශක්මන

ආදරය

සංස්කෘතික කටු


මල තුරුලේ රේණු සිඹින

බඹර පහස දකින දසුන 

සමනල තටු දෑත්වලින් 

මල් මුව වටකර ප්‍රේමය 

ආදරේ බස් වහර



නිදි නැති රෑ කළුවරේ 

හඩා ⁣වැටෙ හිතක

ප්‍රේමණීය කඳුළු කැට

අහුලන්න ඉඩ දෙන්න

තරු කැට එපා මට

කදුළු කැට තරම් එලිය නැති

හඳ රිදෙන සියුම් තැන

ආදරේ එළියට එන

සඳකඳුල පායන්න ඉඩ දෙන්න

 

Thursday, September 10, 2020

ගඟ දෑල සෙවන කළ


ප්‍රේමයේ රුක් ගොමුව

ඉවුරු වත බදා වැලඳ

තුරු අතැගිලි රටා සෙවනැලි 

දිය මුව මතට වැටි පිරිමැද