Wednesday, September 16, 2020

සංස්කෘතික කටු


මල තුරුලේ රේණු සිඹින

බඹර පහස දකින දසුන 

සමනල තටු දෑත්වලින් 

මල් මුව වටකර ප්‍රේමය 


ලතාවකට ගසක් බදා වැලද

මන නන්දිත ආලිංගන රූප දසුන

තුරු අතු අග කුරුළු පෙමකි

හොටින් හොට තබා මුමුණ 


අහස් ඉම සිට වැස්ස වැඩලා

පොළොව පපුවට තුරුලු වන ආදරය 

දකින දසුනක ආදරේ ලියන්න 

ගැඹුරු අරුථක ආදරේ තොරන්න


            කිමද ?


මම ඇය සිපගත්තා පමණකි

දෑස කටු ඇණුනිද සබඳ

No comments:

Post a Comment